Spread the love



2022 මැයි මස 09 වැනි දින, අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති ”මයිනාගෝගම“ සහ ගාලුමුවදොර ආශ්‍රිත ප්‍රදේශයේ පැවති “ගෝඨාගෝගම” ස්ථානවල පැවති සාමකාමී විරෝධතාවයේ යෙදී සිටි අහිංසක නිරායුධ ජනතාව පවත්වාගෙන ගිය ”ආදරයේ අරගලය“ ට පොලු මුගුරු රැගත් ආයුධ සන්නද්ධ මැරයින් විසින් කරන ලද බියකරු ම්ලේච්ඡ ප්‍රහාරය වළකාලීමට හැකියාව තිබියදීත්, එම ප්‍රහාරය වැලැක්වීමට නිසි පියවර නොගැනීමෙන් වගකිවයුතු උසස් පොලිස් නිලධාරියෙකු ලෙස, බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී එම් ඩබ්ලිව් ඩී තෙන්නකෝන් හෙවත් දේශබන්දු තෙන්නකෝන් මහතා, රටටත් ජනතාවටත් දැවැන්ත අපරාධයක් සිදුකර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම් කරු එස්.පී විතානගේ මහතා පවසයි..
එ හෙයින් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ ගෞරවය හා කීර්තිනාමයත්, පොලිසියේ ගෞරවය හා කීර්තිනාමයත් කෙලෙසා ඇති බැවින්, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ රාජකාරී වැඩ තහනම් කර අදාල විනය පියවර ගන්නා මෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින් බව ද දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම් කරු විතානගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.