ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාව පසුගියදා රැස්ව අවස්ථාවේ ඒකමතිකව ගත් තීරණයක් අනුව මහාචාර්ය ජී.එල්. පීරිස් එම පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව එම පක්ෂයේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවෙයි.
. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා තෝරාගැනීම සඳහා මේ වනවිට සුදුසු නාමයන් සලකා බලමින් සිටින බවත් ඉදිරි සතිය තුළ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.
. නව සභාපතිවරයා ලෙස සිවිල් සමාජයේ පිළිගත් පුද්ගලයෙකු ඒ සඳහා පත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි.