Spread the love

පසුගිය අරගල සමයේදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගට පහර දීමට සහ නිවාස ගිනි තැබීමට පැමිනි ඇතැම් පුද්ගලයන් සමගි ජන බලවේග හා ජනතා විමුක්ති පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ ආකාරයෙන් කටයුතු කර පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් බිය කර ඡන්දය ලබා ගැනීමට නොහැකි බව ද තම පාක්ෂිකයන්ගේ මානසික ශක්තිය ඉහල පිරිසක් බවද ඔහු පැවසීය.

තම පාක්ෂිකයන් බිය කර තර්ජනය කර ඡන්දය ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙස විරුද්ධ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.