Spread the love

පොහොය දින කළ සෝදිසි මෙහෙයුමකදී මාඑළිය හා මෑවැල්ල ප්‍රදේශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පදනාගාර දෙකක් ඇතුළු මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් 6 දෙනෙකු වටලා රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා මත්පැන් තොගයක් ජාඇල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 25000 ක් ,ගෝඩා මිලි ලීටර් 50 000 ක් ,දගර දෙකක් බැරල් ඇතුළු පෙරන උපකරණ තොගයක් තිබු බව ජාඇල සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක වජිර විජේසිංහ මහතා පවසයි.
නිරෝධායන ඇදිරිනිතියත් සමගින් පසුගිය දිනවල සුරාසැල් වසා තිබු බැවින් නිෂ්පාදිත මත්පැන් ජාඇල ,දඩුගම ,ඒකල ,පෙතියාගොඩ හා කැළණිය යන ප්‍රදේශ වල ට බෙදා හරින බවත් ,මත්පැන් බෝතලයක් රුපියල් 1000- වැනි මිලකට අලෙවි කරන බවත් සුරාබදු නිලධාරින් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදේ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතාගේ උපදෙස් මත,ජාඇල සුරාබදු අධිකාරී ආර.ඒ.ඩී .ඉන්ද්‍රනාත් , ජාඇල සුරාබදු ස්ථානාධිපති වජිර විජේසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , සුරාබදු පරීක්ෂක ලක්මාල් බණ්ඩාර ,නියාමක රුන්වන උදාර ,බුද්ධික ,ධනුක රියදුර රවීන්ද්‍ර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.