මැලේසියාවේ සිට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට ළඟාවූ බැවින් එම පොහොර තොගය කඩිනමින් ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙයි;
මෙවර මහ කන්නයේ වී හා බඩඉරිඟු වගාවන් සදහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීමට ලෝක බැංකුව විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 105 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබේ . එහිදී මෙරටට පැමිණ දෙවැනි පොහොර තොගය මෙය වෙයි.
ලබන 28 වනදා තවත් යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරට ලඟාවීමට නියමිත අතර ලබන මස පළමු සතියේ බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් මෙරටට ළඟාවීමට නියමිතයි.