Spread the love

පෝෂණ ගැටලු හඳුනා ගැනීමට දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පසුගියදා දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ සිදුවීම් පදනම් කර ගනිමින් එම පියවර ගෙන තිබේ.

ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මේවන විට නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

අදාළ සමීක්ෂණයේ දත්ත පදනම් කර ගනිමින් කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.