Spread the love

කැස්බෑව බණ්ඩාරගම ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාම නිසා කැස්බෑව පොලිසිය මගින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (16) රාත්‍රියේදී ඇති මෙම ගැටුම නිසා ඉන්ධන හලේ පොම්පකරුවන්ට හිමිකරුවන්ට සහ ගැටුමට සම්බන්ධ පිරිස තුවාල සිදු වුවත් කිසිදු අයෙක් එම අවස්ථාවේ ඉදිරිපත් වූයේ නැති බවද පොලීසිය සඳහන් කරයි

ඩීසල් ඉවර වී ඇති බවට ඉන්ධනහල් හිමිකරු සිටි පිරිසට දැනුම් දීමත් සමඟම කෙමෙන් කෙමෙන් ඇතිවූ බහින් බස් වීම දුරදිග යාමෙන් අනතුරුව එහි සිටි පුද්ගලයකු හා හිමිකරු අතර ඇති වූ ගැටුම ට පැමිණ සිටි පාරිභෝගිකයන් මෙන්ම ඉන්ධන හලේ සේවකයන් ද මැදිහත් වීමෙන් ගැටුම වර්ධනය වී එකම ගාලගෝට්ටියක් බවට පත්වී තිබේ.

ගැටුම හට ගැනීමත් සමගම ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් පෝලිමේ රැඳී සිටී බොහෝ පිරිසක් සිය වාහන සහ අත දරා ගෙන සිටි කෑන් බූලි රැගෙන එම ස්ථානයෙන් පිටත් විය . ගැටුම සමථයකට පත්කිරීමට පොලීසියටද මැදිහත්වීමට සිදුවිය. සිද්ධිය සම්බන්ධව කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වයි .