සංචාරක හෝටල්, අවන්හල් හා වාසස්ථාන වලින් පළාත් පාලන ආයතන අයකරනු ලබන බදු මුදල් සංශෝධනයට හා විදුලි බිල්පත් සහනය තවදුරටත් ලබාදීම සදහා විශේෂ කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන බදු මුදල් සංශෝධන කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා සමග ඒකාබද්ධව ඉදිරිපත් කරන බවයි. විදුලි බිල් පත් සහනය ලබාදීම සදහා වන කැබිනට් පත්‍රිකාව ද මේ වන විටත් කෙටුම්පත් කර ඇතැයි ද ඔහු කියා සිටි.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටලයක්, ආපනශාලාවක් හෝ නවාතැන්පොළකින් පූර්ව වර්ශයේ සම්පූර්ණ පිරිවැටුමෙන් 1%ක උපරිමයකට යටත්ව බලපත්‍ර ගාස්තුවක් අයකිරිමට පළාත් පාලන ආයතනවලට බලය පැවරී තිබේ.
මේ නිසා වාර්ෂිකව සිය ආදායමෙන් සැලකිය යුතු මුදලක් පළාත් පාලන ආයතනවලට ගෙවීමට එම ආයතනවලට සිදුවේ. මීට අමතරව අදාළ ආයතන මගින් අනෙකුත් බදු හා කසළ එකතු කිරීමේ බදු මුදල් ද පළාත් පාලන ආයතනවලට ගෙවනු ලබන අතර මේ තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් එම බදු මුදල සංශෝධනය කිරිමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
අදාළ කැබිනට් පත්‍රිකා දෙක ඉතා ඉක්මණින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි. මෙම කැබිනට් පත්‍රිකා දෙක ඉදිරිපත් කරන්නේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුුතු වුවන් කරනු ලැබු ඉල්ලිම් සැලකිල්ලට ගනිමිනි.
මේ වන විට සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම තුල එම ක්ෂේත්‍ර යේ නියුතු වුවන් මුහුණ දෙන ගැටළු ඉදිරියේ දි නිරාකරණය වනු ඇතැයි විශ්වාස කෙරේ.

අ