Spread the love

බිත්තරයක් රුපියල් 42 ක මුදලකට ලබාදීමේ හැකියාවක් ඇති බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා පවසනවා .

එම මුදලට බිත්තර ලබා දිය හැක්කේ කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් පමණක් බවයි ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ .

බොහෝ පිරිස් බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය හේතුවෙන් කර්මාණ්තයෙන් ඉවත්ව ඇතැයිද ඔහු ප්‍රකාශ කළා .

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 20 ඊයේ පස්වරුව දක්වා වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා .

එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතාකියා සිටියේ බිත්තර තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවයි .

අදාළ බිත්තර තොගය පසුගිය 23 වැනිදා කොළඹ වරායට ළගා වූ අතර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සඳහා බිත්තර සාම්පල ලබා ගැනීමද සිදු කෙරුණා .

කෙසේ වෙතත් මේ දක්වා අදාළ පරීක්ෂණ වාර්තා ලැබී නොමැති බවයි වාර්තා වන්නේ