Spread the love

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි බන්ධනාගාර වල (14) හෙට දවස පුරා ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇතිබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

ඒ අනුව ශීල ව්‍යාපාර,ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.මේ අතර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ඝණයේ රැඳවියන් සදහා හෙට දිනයේ ශීල සමාදාන වැඩසටහනක් පැවැත්වෙයි.

ශීල සමාදානය සදහා විශේෂ ගණයේ රැඳවියන් 20 දෙනෙකු සහභාගි වීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.