Spread the love

ප්‍රවීන රංගන ශිල්පියෙකු වන බර්ටි ගුණතිලක මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 98 වන වියේ පසුවුණා. 

කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

බර්ටි ගුණතිලක මහතා,“විනෝද සමය” ඇතුළු විනෝද ජනක වැඩ සටහන් රැසක රගපෑම හේතුවෙන් කා අතරත් නොමැකෙන චරිතයක් වුනා.