Spread the love

බලය වෙනුවෙන් තමා විසිවිටෙක බොරු නොකියන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බොරුවෙන් බලය ලබා ගැනීමට කටයුතු කළ පිරිසට එය මේවන විට තේරුම් ගොස් ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය අද ආරම්භ කරමින් එහි රාජාසන කතාව පවත්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

තමාට කිසිම ආකාරයකින් ප්‍රසිද්ධ වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් රට වැටී ඇති තත්ත්වයෙන් එය මුදා ගැනීමට ක්‍රියා කිරීම තමාගේ වගකීම බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහා කර සිටියේ.