Spread the love

නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ සේවය කරන සේවකයෙකු බලාගාරයේ ජැටියේ නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටියදි මුහුදට ඇද වැටි අනතුරක් සිදුව ඇතිබව නොරොච්චෝල පොලිසිය පවසයි.

අනතුරින් අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 32ක් වූ පල්ලම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ.