රාජ්‍ය වියදම තවදුරටත් සීමා කිරීම සඳහා නව චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව 5%කින් කින් රජයේ පුනරාවර්තන වියදම් කපා හැරීමට නියමිතව ඇත.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම චක්‍රය නිකුත් කර ඇත්තේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම් වල ප්‍රධානීන් වෙතයි.
මෙම වසරේ ඇස්තමේන්තුගත ආදායම් නොලැබීම මත ඇති විය හැකි දුෂ්කරතා අවම කිරීම සඳහා රජයේ වියදම් වඩාත් පිරිමැසුම් ලෙස භාවිතා කිරීම අරමුණින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.