Spread the love

අද (07) දිනයේ බස්නාහිර පළාතේ විශේෂ බෙදාහැරීමක් ලෙස ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, 05 සහ 2.3 ගෑස් සිලින්ඩර බෙදා හැරීමට නියමිතයි.මේ අතර (08) හෙට සිට දිවයිනේ සෙසු ප්‍රදේශ වලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමට සැලසුම් කර ඇතිබව ලිට්රෝ සමාගම පවසයි.(06) ඊයේ පෙරවරුවේ ගෑස් මෙට්ට්‍රික්ටොන් 2000 රැගත් නෞකාවක් දිවයිනට සේන්දු විය.
එහි ගෑස් ගොඩබෑම මේවනවිට අවසන් අදියරේ පවතින බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් සදහන් කරයි