Spread the love

බියගම පේරගස්හන්දිය ප්‍රදේශයේ නිවසක ඇදිරිනීති සමය තුළ රජයේ අනුමත මත්පැන් විකිණීමේ ස්ථාන වසා තැබීම හේතුවෙන් මත්පැන් සදහා පවතින දැඩි ඉල්ලුම වෙනුවෙන් සකස් කරන ලද රුපියල් නමලක්ෂ පනස්දහසක් ( 950,000/-) වටිනා නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) තොගයක් කොළඹට ප්‍රවාහනයට සුදානම් කර තිබියදී ඊයේ (18)අළුයම එක් සැකකරුවකු සමගින් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු නිතිවිරෝධී ලෙස පෙරණ ලද කසිප්පු වෙනත් ප්‍රදේශයක සිට මෙම ස්ථානයට ගෙනවිත් ප්ලාස්ටික් කෑන් වලට අසුරා කොළඹ ප්‍රදේශය පුරා බෙදා හැරීමට සදහා සැලසුම් කර තිබූ බව සුරාබදු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරිමේදී හෙලිවු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලි ලීටර් 510,000 (ලීටර් 510) ක් තිබුබව ද සුරාබදු නිලධාරින් පවසයි.

අදාල සැකකරු පේරගස්හන්දිය ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි අයකු වන අතර කසිප්පු සන්තකයේ තබාගැනීම, යන චෝදනාව සදහා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප ලබා දීම සිදු කර ඇති අතර ඉදිරි දිනයකදී කඩවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල්තුමාගේ හා සුරාබදු කොසමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ , නියෝජ්ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) ගාමිණී අධිකාරී යන මහත්වරුන්ගේඋපදෙස් මත , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒ්කකයේ සුරාබදු අධිකාරී එච්.එච්.ඩී.ජයවර්ධන ,සුරාබදු ස්ථානාධිපති  ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රමේෂ් ප්‍රනාන්දු යන මහත්වරුනගේ අධීක්ෂණය යටතේ , සුරාබදු කෝප්රල් 828 හර්ෂ මහතාගේ ඔත්තුවකට අනුව සුරාබදු පරීීක්ෂක ඉන්දික , සුරාබදු කෝප්රල්වරුන් වන 820 සිසිල්, 997 නිලන්ත, සුරාබදු නියාමක රියදුරු හේරත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.