Spread the love

බස් ගාස්තු සියයට 15කින් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා .

නව මිල සංශෝධනයේ දී සෙසු මගී ප්‍රවාහනය සිදු කෙරෙන විවිධ වර්ගවල බස් සේවාවල ගමනාගමන මණ්ඩලයට අයත් සහ පෞද්ගලික බස් රථ ගාස්තු ඉහළ යනු ඇත. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 ක්වනු ඇත.

බස් ගාස්තු අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීම සහ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම පස්වරුවේ ආරම්භ වූ අතර, එය පැවැත්වුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදියි.

අදාළ බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමත කෙරුණේ. ඉහළ දමන ලද බස් ගාස්තු පිළිබඳ ලේඛනයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් නිකුත් කෙරුණ පසුයි.