Spread the love

හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් පසු බස් ගාස්තු අඩුකෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ අනුව, ඔහු පැවසුවේ අවම බස් ගාස්තුව හැර අනෙකුත් බස් ගාස්තු 12.9%කින් අඩු කිරීමට පියවර ගන්නා බවය.

මේ අතර මීට පෙර දැනුම්දුන්නේ ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බවය.