Spread the love

බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිදු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඊයේ (11) මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.

යම් විදිහකින් නැවතත් ඉන්ධන මිල ඉහළ ගියහොත් බස් හිමියන් හැටියට යම් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා .එම නිසා මේ වනවිට එහෙම අවදානමක් නැහැ. අපි බස්ගාස්තු වැඩි කරන්න අදහසක් නැහැ.ඩීසල් මිල වැඩි කරන්න අදහසකුත් නැහැ.ඊ ට වැඩිය පහසුයි ඩීසල් මිලේ පාඩුව ආණ්ඩුව දරාගෙන බස් ගාස්තු වැඩි නොකර ඉන්න එක .බැරිවෙලාහරි එහෙම වුණොත් අපි ඒ පිළිබදව සාකච්ජා කෙරුවත් දැනට එවැනි ප්‍රශ්නයක් උද්ගතවෙලා නැහැයිද පැවසුවේය.