Spread the love

අනවසරයෙන් වෙනත් රටකට සංක්‍රමණය වීමට උස්සාහ දැරූ පුද්ගලයන් 45 දෙනෙකු සමග බහු දින ධීවර යාත්‍රා 02ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

.

ගජබා නෞකාව දකුණු මුහුදේ සිදුකර මුර සංචාරයකදී පුද්ගලයන් 26 දෙනෙකු රැගත් බහු දින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන තිබේ.වේග ප්‍රහාක නෞකාවක් මගින් අනෙක් පිරිස බහුදින ධීවර යාත්‍රාවක් සමඟ බටහිර මුහුදේදී හමුදා භාරයට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි

එම බහුදින ධීවර යාත්‍රා අනාරක්ෂිත තත්වයේ පැවති ඒවා බව නාවික හමුදාව සදහන් කරයි.හමුදා භාරයට ගත් පුද්ගලයන් මීගමුව ,කිලිනොච්චිය ,කල්පිටිය ,හලාවත සහ පුත්තලම ප්‍රදේශ වල පදිංචිකරුවන් බව නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කරයි