Spread the love

සමගි ජන බලවේගය අද කොළඹදී පැවැති උද්ඝෝෂණයේදී විශාල පිරිසක් කොළඹට පැමිණෙන අයුරු දක්නට ලැබුණා.

එහිදී  විශාල ජනකායක් සමගින් උද්වේගකාරී  උද්ඝෝෂණයක් පවත්වන ආකාරය කොළඹ දී දක්නට ලැබුණා . මේ හේතුව නිසා විශාල රථවාහන තදබදයක් දක්නට ලැබුණා.

විරෝධතාව ආරම්භ වූයේ, විපක්ෂ නායක කාර්යාලය අසලිනි.ගෑස්, කිරිපිටි, සහල් හා එලවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ යාමත්,පොහොර නොමැතිවීම ඇතුළු ජනතාව මුහුණ පා ඇති දුෂ්කරතාත්, ආණ්ඩුවේ මර්දනයට එරෙහිවත් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණි.‘සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය’ විරෝධතාවේ තේමාවයි.

කොල්ලුපිටිය මංසන්ධියට පා ගමනින් පැමිණි විරෝධතාකරුවෝ පසුව ගාලුමුවදොර වටරවුමට රැස්වූහ.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පිරිස ඇමතී ය.මේ අතර සමගි ජන බලවේගයේ විරෝධතාවයට සහභාගීවීම සඳහා දුර පළාත්වල සිට කොළඹ බලා පැමිණි බොහෝ පිරිස්වලට ආපසු හැරී යන්නට සිදුවූ බවට වාර්තා විය.

සමගි ජන බලවේග ක්‍රියාකාරීන් පැවසුවේ, පොලීසිය බාධා කිරීම ඊට හේතුවූ බවයි.මේ අයුරින් දිවයිනේ ප්‍රදේශ රැසකදී අද පොලීසිය මාර්ග බාධක යොදා කොළඹට පැමිණෙන රථ වාහන පරීක්ෂා කළේ ය.