Spread the love

රජයට අයත් වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ණයවලට අදාළ පොලී අනුපාතයන් ඉහළ දමා ඇත.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් පාරිභෝගිකයන් කෙටි පණිවුඩ මගින් දැනුවත් කිරීමටද කටයුතු කර ඇත.

ණය පොලී අනුපාත 15% ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දන්වා ඇති අතර දෙසැම්බර් මස 20 වැනිදා එම පොලී වැඩිවීම සිදවෙයි.

මෙම පොලී වැඩි කිරීම ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා ද අදාල වෙයි.