Spread the love

අද සිට බිත්තරයක් රුපියල් 55 ට පාරිභෝගිකයිනට ලබා දීමට බිත්තර අලෙවි කිරිමේ සංගම් එකග වු බව කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එම තිරණය ගෙන ඇත්තේ අදාල සංගම් ඇමතිවරයා සමග පැවති සාකච්ජාවක ප්‍රථිපලයක් ලෙසිනි.

ඒ අනුව අද දින (28) කොළඹ නගරය අවට හා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක දී බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ 20ක් යෙදවීමට එම සංගම් පියවර ගෙන තිබේ.

කොළඹ නගරය අවට ස්ථාන වශයෙන් කොළඹ දුම්රිය ස්ථානය, දෙමට ගොඩ, කොම්පඤ්ඤ වීදිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම , මීගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන, ජාතික රූපවාහිනි සංස්ථාව අසල මංසන්ධිය, හෝමාගම, වැනි ජනාකීර්ණ නගරවල දී මෙම බිත්තර අලෙවි කෙරේ.

එමෙන්ම වත්තල, ජාඇල, රාගම හා මීගමුව, කිරිබත්ගොඩ, කඩවත, පෑලියගොඩ වැනි නගරවල ද බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ තැබීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් තීරණය කර ඇත.