Spread the love

බිත්තර ආනයනය කිරීමෙන් ජනතාවට කිසිඳු සහනයක් ලැබී නොමැති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

මෙලෙස බිත්තර ආනයනයෙන් සිදුවූයේ දේශීය බිත්තර ව්‍යාපාරිකයින් කර්මාන්තයෙන් ඉවත්වීමේ පසුබිමක් නිර්මාණයවීමක් පමණක් බවයි එහි ජ්‍යෙෂ්ඨ අනුශාසක මාතලී ජයසේකර සඳහන් කළේ,

රජය බිත්තර ආනයනය කර බලාපොරොත්තු වූයේ උත්සව සමයේ කේක් ඇතුළු නිෂ්පාදනවල මිල පහත හෙළීමට බවත් එයද සාර්ථක නොවූ බවත් පාරිභෝගිකයින්ටද මේ තුළින් කිසිඳු සහනයක් නොලැබුණු බවයි .