Spread the love

ආණ්ඩුවට සමීප ඇතැම් පිරිස් විසින් බිත්තර හා කුකුළු මස් පිටරටින් ගෙන්වීමට උත්සාහ කරමින් සිටින බව ජාතික සත්ව නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු සංජීව ධම්මික මහතා සඳහන් පෙන්වා දෙන්නේ මෙරටට අවශ්‍ය බිත්තර හා කුකුළු මස් සමස්ත ප්‍රමාණයම රට තුළ නිෂ්පාදනය පසුගිය කාලයේ සිදු කලද පවතින සත්ව ආහාර අර්බුදය නිසා කර්මාන්ත දෙකම දැඩි අර්බුදයට පත්ව ඇති බවයි.

ඇතිව තිබෙන තත්වය උපයෝගි කර ගනිමින් බිත්තර හා කුකුළු මස් ආනයනයට උත්සාහ දරමින් ඇතැයිද ඔහු පැවසීය.

අද වන විට බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් හතලිස් අටක් දක්වා ඉහළ ගොස් ඇති නිසා රජය විසින් නියම කර ඇති පාලන මිලට බිත්තර ලබා දීමට සිදු කළ නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත කර්මාන්තයේ නිරත පිරිස් එම කර්මාන්ත අතහැර දැමීමට පෙළඹී ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.