Spread the love

ප්‍රසිද්ධියට විශාල දායකත්වයක් දක්වන යුගයක චිත්‍ර ,මුර්ති කලාවට දක්කම් දක්වන නිහඩ චරිතයක් දකුණු පලාතෙන් හමුවිය. මාතර දිස්ත්‍රික්කයට ,හා මුලටියන අධ්‍යාපන කලාපයට විශාල දායකත්වයක් දක්වන ඇය ගුරු උපදේශිකා කුසුම් බස්නායකය.


ඇය බිතු සිතුවම් සහ චිත්‍ර කලාවට ද දස්කම් දක්වන්නියකි. සමාජයේ විවිධ තරාතිරම් දරණන් ගේ මනස නිරවුල් වෙන්නේ කලාව තුළිණි.

කලාව තුළින් යහපත් ගුණ ගරුක මිනිසකු බිහිකළ හැකිය . මෙවන් දක්ෂතා දක්වන ඇය රටට විශාල සම්පතකි .පුජනීය ස්ථානයක මකර තොරණ ,පන්සිය පනස් ජාතක කථා නිර්මාණයට අති දක්කම් දක්වන්නියකි.

භූ දර්ශන සිතුවම් (දියසායම් මාධ්‍ය)

අද මෙවැනි නිර්මාණකරුවන් අල්පය . නමුත් එවැනි නිර්මාණකරුවන් සොයා ගැනීමද දුෂ්කර කාර්යයකි. එවැනි යුගයක ශ්‍රී රාජ් මාධ්‍ය ආයතනයට හමුවු මෙම ගුරු මාතාවගේ තොරතුරු බිදක් අප විම සුවෙමු.

1-සම්පුර්ණ නම – .කුසුම් බස්නායක
2-ඉගෙනගත් පාසල . මාර / පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය

3-රැකියාව – ගුරු සේවය.
4-කලාවට පිවිසි මග- දෘශ්‍ය හා ප්‍රසාංගික.


කලා විශ්ව _ විද්‍යාලයේ උපාධිධාරිණියකි.
(සෞන්දර්ය විශ්ව විද්‍යාලය.)
5-මෙතෙක් දායක වු කලා නිර්මාණ -. චිත්‍ර, මූර්ති, කැටයම්


6-කරන රාජකාරිය -ගුරු උපදේශක

7- ආවරණය කරන ප්‍රදේශ -. මුලටියනකලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසල්


8-මෙතෙක් කරන ලද නිර්මාණ- පාසල් වල දරුවන්ට තමයි දැණුම දීලා තියෙන්නේ. ගමේ විහාරස්ථානයේ පන්සිය පනස් ජාතකකතා විහාර මන්දිරය සඳහා මියුරල් චිත්‍ර නිර්මාණය කිරීම. මකර තොරණක් නිර්මාණය කර තිබෙනවා.


*කලාව තුළින් යහපත් පුරවැසියෙක් නිර්මාණය කළ හැකිද..?
කලාව ,සෞන්දර්ය තුලින් තමයි සංවේදී පුද්ගලයෙක් බිහිවෙන්නෙ.උසස් රසවින්දන ශක්තියෙන් යුක්ත සංවේදී මනුස්සයෙක් බිහිවෙන්නෙ.

ඒත් කලාවට තියන තැන.සමාජෙ අල්පයි. දරුවෙක් දොස්තර කෙනෙක් ඉංජිනේරුවරයෙක්.ඕනැම ක්ෂේත්‍රයක දක්ෂයෙක් කරන ගමන් දරුවා උසස් රසවින්දන ශක්තියක් තියෙන .

බිත්ති කැටයම්(බිතුසිතුවම්)

අනුන්ගේ දුකේදී දුක් වෙන සංවේදී පුද්ගලයෙක් කරන්න කලාව සෞන්දර්ය ඉවහල් කරගත යුතුයි කියලා..දෙමාපියන් දැනුවත් විය යුතුයි.


“ඹබේ දිවි ගමනට ශ්‍රී රාජ් මාධ්‍ය ආයතනයේ සුභා ශිංෂණය.”

NIMAL RAJAPAKSHA -0777 305 751

srarajnews@gmail.com