Spread the love

බිමත්ව මොටර් රථයක් ධාවනය කරමින් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණියක් නල්ලතන්නිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර එම තරුණිය (21) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාරිණිය අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා සැකකාරිනියට රු 25000 දඩයක් සහ රියදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

මෙසේ දඩ නියම කරනු ලැබුවේ අම්බලන්තොට ගොඩකවැල්ල ප්‍රදේශයේ පදිංචි හේවාකන්කානම්ලාගේ උෂානි මේකලා (18) යන අයටයි.

චුදිත තරුණිය ඉකුත් (16) දින අධික ලෙස බිමත්ව තරුණයන් දෙදෙනෙකු සමග මොටර් රථයක් ධාවනය කරමින් අම්බලන්තොට සිට ශ්‍රි පාද නල්ලතන්නිය වෙත පැමිණි අවස්තාවේ නල්ලතන්නිය පොලිසිය විසින් සැකකාරිනය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර (21) දින අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස උපදෙස් ලබා දි තිබුණි.

ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන සහ මත්පැන් පානය කර හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිමට දිවා රාත්‍රි දෙකේම හැටන් ශ්‍රි පාද මාර්ගයේ ස්ථාන කිහිපයකම පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා ඇත.