Spread the love

නිමල් රාජපක්ෂ-

ගුණාත්මක බවින් යුත් බිස්කට් වර්ග නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක් පසුගියදා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් පැවැත්වුහ.

එහිදී නව ව්‍යවසාකයින් හා දැනට ආහාර කර්මාන්ත වල නිරත කර්මාන්ත ආයතන 36 කගේ සහභාගිත්වයෙන් කෑගල්ල ප්‍රාදේශීය කාර්‍යාලයේදී මෙම පුහුෂු වැඩසටහන පැවැත්විනි .

මෙම වැඩ සටහනනේ දී නියම ප්‍රමිතියෙන් යුතුව බ්ස්කට් වර්ග නිෂ්පාදන සදහා වු තාක්ෂණික පුහුණුව ලබාදීමට පියවර ගැණිණ .

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශීය අධ්‍යක්ෂ එස්.ඒ.ජී.සේනානායක,කෑගල්ල සහකාර අධ්‍යක්ෂ සමින්ද රණතුංගගේ ,ව්‍යාපාර ප්‍රවර්ධන කලමනාකාර මිගාර කප්පාගොඩ ,ජගත් ගුනතිලක හා තරන්ග ගුණරත්න යන මහත්වරුන් ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුහ.