Spread the love

ගලපිටමඩ නාරාංගස්තැන්න ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මහාපරිමානයෙන් පවත්වාගෙන ගිය බීඩි නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ පහලොවක් (1500000)_වටිනා බීඩි තොගයක් සමගින් එක් සැකකරුවකු රුවන්වැල්ල සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් බීඩි නිෂ්පාදනාගාරයේ තිබී බීඩි 145000 ක් සොයා ගත් බව රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති චන්දන කස්තුරිආරච්චි මහතා පවසයි.
අදාල නිෂ්පාදාගාරයේ බීඩි නිෂ්පාදනය හා ගබඩා කිරීම සිදු කොට ඇතත් කිසිම නිෂ්පාදනයක් සදහා බලපත්‍රයක් සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් රැගෙන නොතිබු බවද සුරාබදු ස්ථානාධිපතිවරයා පැවසුවේය.

අදාල සැකකරු ඉදිරියේදි සහකාර සුරාබදු කොමාසාරිස් වෙත ඉදිරිපත් කොට දැඩි දඩුවම් පැමිණිවීමට නියමිතය.

සබරගමුව පලාතභාර සහකාර සුරාබදු කොමසාරිස් .තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත  ,කෑගල්ල සුරාබදු අධිකාරී රොස්මන්ඩ් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ ,රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති චන්දන කස්තුරිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් ,පරික්ෂක ජි.ආර්.එස් වීරසිංහ,නියාමක වරුන්වන ජයතිස්ස,දයාවංශ,රියදුරු රුවන් යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.