Spread the love


කුලියාපිටිය එලිවිල ප්‍රදේශයේ බෙදා හැරීමට සුදානම් කර තිබු රුපියල් නමලක්ෂ හැත්තෑහයදාස් අටසියයක් ( 976800 ) වටිනා නීති විරෝධී මත්පැන් මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු කුලියාපිටිය සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත‍.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ පොලිතින් උරවලට අසුරූ කසිප්පු බෝතල් 814 ක් තිබු බව කුලියාපිටිය සුරාබදු ස්ථානාධිපති සම්පත් සිරිමාන්න ගෙ මහතා පවසයි.

අදාල සැකකරුවන් පිට පලාතකින් රැගෙනවිත් වයඹ පලාතේ බෙදා හැරීමට සුදානම් කර තිබියදි මත්පැන් තොඟය සමගින් එක් සැකරුවකු කොටු කර ගත් අතර මොවුන් ඉතා සුක්ෂම අයුරින් ප්‍රදේශය පුුරා කාලයක් තිස්සේ මත්පැන් ජාවාරම කරගෙන ගොස් ඇතැයිද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වි තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වයඹ පළාත(1) සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම මහතාගේ උපදෙස් මත , කුරුණෑගල සුරාබදු අධිකාරි තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ කුලියාපිටිය සුරාබදු ස්ථානාධිපති සම්පත් සිරිමාන්න ගෙ මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු කෝප්‍රල් වරුන් වන 730 නුවන් මහයාය ,942 සම්පත් වීරසිංහ ,සුරාබදු නියාමක 1049 ශක්ති ජයවර්ධන ,සුරාබදු රියදුරු ඉන්දික බන්ඩාර යන යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.