Spread the love

ඉන්දීය ධීවරයන් විසින් උතුරු මුහුදේ සිදුකරණු ලබන බොටම් ට්‍රෝලින් ක්‍රමය නතර කිරීමට නීති සකස් කළේ තමන් යනුවෙන් ප්‍රකාශ කරණ අය එම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ නැතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

පසු ගිය රජය සමයේ උතුරු මුහුදේ සිදු කරන බොටම් ට්‍රෝලින් ක්‍රමය නතර කිරීමට දෙමළ සන්ධානයේ සහයෝගය ද ලබා නීති සකස් කළ බව පවසන සුමන්තිරම් වැනි අය එම නීති ක්‍රියාත්මක කිරීමට කියා නොකළේ මන්ද යැයි තමන් තුළ ප්‍රශ්ණයක් පැන නගින බව ද වැඩි දුරටත් පැවසුවේය.
දේවානන්ද මහතා එසේ පැවසුවේ අද කිලිනොච්චියේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමිනි,

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සුමන්තිරම් වැනි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රිවරුන්ගේ සහයෝගයෙන් 2017 අගෝස්තු මාසයේදි බොටම් ට්‍රෝලින් තහනම් නීතිය සම්මත කළ පසුව ද ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදු කළ යාත්‍රා 100ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර එම රජය සමයේ අත්අඩංගුවට පත් කිසිදු යාත්‍රාවක් සදහා බොටම් ට්‍රෝලින් තහනම් නීතිය ක්‍රියාත්මක නොකිරීමත් මෙම ප්‍රකාශයන් සිදුකරණ අයගේ දෙබිඩි ක්‍රියාවක් බව පැවසීය.


ඔවුන් වර්තමානයේ නොයෙකුත් කුමණ්ත්‍රණ කරමින් උත්සහ කරන්නේ ආණ්ඩුව පෙරලා අණ්ඩුවක් බිහිකිරීමට බවත්, එමගින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බවයි.
තවද පසුගිය දා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රිවරුන් පිරිසක් හා ආධාරකරුවන් යොදාගෙන මුලතිව් සිට පේදුරු තුඩුව දක්වා සංවිධානය කළ විරෝධතාවය වර්තමාන රජය අපහසුතාවයට පත් කිරීමක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.