Spread the love

මෙරට මුහුදේ නැංගුරම්ලා ඇති බොරතෙල් නෞකාවේ තොග ගොඩබෑම අද (27) ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඒ සදහා ගෙවීම් කිරීමට පියවර ගෙන තිබේ.බොරතෙල් ගොඩ බෑමත් සමඟ සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමට හැකි බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව දින 06කින් ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කිරීමට හැකිය.සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය මාර්තු 20 වෙනිදා බොරතෙල් නොමැති වීම හේතුවෙන් වසා දැමීම සිදුවිය.මේ අතර මේවන විට අඛණ්ඩව පෙට්‍රල් සහ ඩීසල් ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැරීම සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.