Spread the love

කාත්තන්කුඩි පාලමුණ ප්‍රදේශයේ බෝට්ටුවක් පෙරලීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇතිබව කාත්තන්කුඩි පොලිසිය පවසයි.

ධීවර කටයුතු සදහා කුඩා බෝට්ටුවකින් තිදෙනෙකුගොස් තිබේ.අනෙක් පුද්ගලයන් දෙදෙනා පිහිනා ගොඩබිමට පැමිණ තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වූ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.මෘත ශරීරය මඩකළපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.