ස.තො.ස වියලි මිරිස්,ලොකු ලූණු,,රතු කැකුළු ,පාන්පිටි යන භාණ්ඩ වර්ග 04 ක මිල අද සිට පහළ දෑමීමට තීරණය කරයි.
වියළි මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 25 කින්ද අඩුවන අතර එහි නව මිල රුපියල් 1,675 ක්වෙයි.
ලොකු ලූණු කිලෝ ග්‍රෑමයක් පහළ දමනු ලබන්නේ රුපියල් 15 කින්. ඒ අනුව ලොකු ලූණු කිලෝග්‍රෑමයක් රුපියල් 165 ක මිලකට පාරිභෝගිකයින්ට අද සිට මිලදී ගත හැකියි.
දේශීය රතු කැකුළු කිලෝග්‍රෑමයක නව මිල වන්නේ රුපියල් 169 ක්. ඒ, එම සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 10 කින් පාන්පිටි කිලෝවක්ද රුපියල් 5 කින් පහළ දැමෙයි.. ඒ අනුව එහි නව මිල රුපියල් 230 ක් බවයි ලංකා සතොස වැඩිදුරටත් සදහන් කලේ.