සුලු අපනයන භෝග අපනයනයෙන් මේ වසරේදී රුපියල් බිලියන සියයක ආදායමක් බලාපොරොත්තු වන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද මහතා පැවසීය.
පසුගිය වසරේදී ඉන් ලැබුණ ආදායම රුපියල් බිලියන 72 කි. මේ වසරේ ඔක්තෝබර් අවසානය වනවිට රුපියල් බිලියන 82ක ආදායමක් ලැබී ඇතිබව පැවසීය.
එහිදී කුරුදු අපනයනයෙන් රුපියල් බිලියන 38 ක් ලැබී තිබේ.උසස් වර්ගයේ කුරුදු කිලෝවක් සදහා ගොවීන්ට රුපියල් 3500 ක් පමණ ගෙවන බව පැවසීය. ගම්මිරිස් සහ කෝපි වලින් ද වැඩි අපනයන ආදායමක් ලැබී ඇතිබව වැඩිදුරටත් පැවසීය.
