Spread the love


අසේ කාච දැමිීමට රුපියල් 41000 ක මුදල් රැගෙන ආ මගියකුගේ මුදල් පසුම්බිය උදුරාගෙන පලා යමින් සිටි සැකකරුවකු මරදාන දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල සිද්ධිය වී ඇත්තේ මරදාන දුම්රිය ස්ථානයෙන් පානදුර බලා ගමන් ගන්නා දුම්රියේ වාඩිවී සිටි මගියකුටය . එම මගියා සිටි දුම්රිය මැදිරියට පැමිණි සැකකරු මගියා සමගින් කථා බහකර කුළුපගවි ආගිය තොරතුරු කථා කරන අවස්ථාවේ සිය කමිස සාක්කුවේ මුදල් තිබෙනු දැක සාක්කුවට අත දමා මුදල් පසුම්බිය රැගෙන පලා ගොස් තිබේ. ඒ මොහොතේම මගියා මරහඩ දී කෑගසන්නට පටන් ගෙන ඇත.
සැකකරු මුදල් පසුම්බිය ද රැගෙන දහවැනි වේදිකාව දිගේ පලා යන්නට පටන් ගෙන ඇත. මගියාගේ කෑගැසීම ඇසි වහාම ක්‍රියාත්මක වු දුම්රිය ආරක්ෂක නිලධාරින් සැකකරු පසුපස හබා ගොස් දැඩි පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගෙන ඇත.
අදාල සැකකරු හදල වත්තල ප්‍රදේශයේ පදිංචි උදය කුමාර් නැමැති අයෙකි . අකර තැබ්බයට පත්වී තිබුණේ කළුතර දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයකුටය. අත්අඩංගුවට ගත් සැකකරු මුදල් පසුම්බියත් සමගින් සැකකරු වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම සදහා මරදාන පොලීසියට දුම්රිය ආරක්ෂක නිලධාරීන් බාරදී ඇත.
මරදාන දුම්රිය ආරක්ෂක සේවාවේ කාර්යභාර නිලධාරී ප්‍රදීප් ජයතිලක, ආරක්ෂක 91235 ප්‍රයදර්ශන යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.