Spread the love

දිවයිනේ අද (06)පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුකල වැටලීම් 03 කින් හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 450 සමඟ පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මත්තේගොඩ සහ මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශ වල වැටලීම් සිදුකර තිබේ.අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34,30 සහ 23 වයස් වල පසුවන පුද්ගලයන් බව පොලිසිය පවසයි.
සැකකරුවන් අද ඒ ඒ පොලිස් බල ප්‍රදේශ වලට අයත් මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැටලීම් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.