Spread the love

ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතිබව එම අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණ අමාත්‍යවරයා කමිටුවක් පත්කර ඇතිබව පැවසීය.

නාවික හමුදාව පොලිසියේ සහයෝගය ඇතිව විශාල ලෙස පසුගිය දින කිහිපයේ මත්ද්‍රව්‍ය තොග ලෙස අත්අඩංගුවට ගැනීම සිදුවූ බව සදහන් කළේය.

එම මත්ද්‍රව්‍ය සදහා කුමක් වූවාද යන්න සමාජයේ කුතුහලයක් පවතියි.අත්තඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය කඩිනමින් විධිමත් ලෙස විනාශ කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට අවධානය යොමුව ඇතිබවද වැඩිදුරටත් පැවසීය