ශ්‍රිි ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක්සමගින් විදෙස් සැකකරුවන් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය හා එක්ව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් (කිලෝ මීටර් 1665ක් පමණ) දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් අඛණ්ඩව ආවේක්ෂණය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද එම මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි විදෙස් ජාතික සැකකරුවන් 06 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ආරක්‍ෂාව යටතේ ගොඩබිම වෙත රැගෙන එමින් පවතී.

තවද, නාවික හමුදා අත්අඩංගුවට ගත් උර නවය ක් (09)තුළ පැකට් 225 ක් ලෙස අසුරන ලද මෙම මත් ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 250ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාව ගැඹුරු මුහුදේදී සිදු කළ මහා පරිමාන මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් මේ වසරේ අගෝස්තු මස 30 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 අධික තොගයක් රැගත් මෙරට බහුදින ධිවර යාත්‍රාවක් ද, සැප්තැම්බර් මස 04 සහ 10 වන දිනයන්හීදී පිළිවෙලින් හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 336කට සහ කිලෝ 170කට අධික තොගයන් ප්‍රවාහණය කරමින් තිබූ විදේශීය ධිවර යාත්‍රා දෙකක් ද නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයට අමතරව මේ වර්ෂය තුලදී පමණක්, රුපියල් බිලියන 13.16කට අධික විථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවික හමුදාව සමත් වි ඇත.
ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළදී ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු මෙම මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා පිළිබඳ ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව ඇත.
