Spread the love


ඉන්ධන හිඟය හා විදුලිය කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා ප්‍රමාණවත් පරිදි එතනෝල් නොලැබීමෙන් 2022 මාර්තු මස 22 වන දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තා සාවද්‍ය ඒවා බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.

අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර 23ක් දිවයින තුළ ක්‍රියාත්මක වන අතර, ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළ තුළින් ලබා ගැනීමේ හැකියාව මේ දක්වා පවතින බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

මෙම සාවද්‍ය වාර්තා හා ප්‍රවෘත්ති හේතු කොට ගෙන නීති විරෝධී ලෙස මත්පැන් රැස්කිරීමටත්, මත්පැන් නිෂ්පාදනාගාරකරුවන් අතර සදාචාර සම්පන්න නොවන අලෙවිකරණ උපාය මාර්ගයන් අනුගමනය කිරීමටත් අවකාශ ලැබෙන බවද වාර්තා වෙයි.