තිසෝගම ප්‍රදේශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් ,ඇතුළුව මත්ජාවාරමේ නිරත සැකකරුවන් හතර දෙනෙකු වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් කුලියාපිටිය සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාර වල තිබී කසිප්පු ස්ප්‍රිතු මිලි ලීටර් 14500 ක්,ගෝඩා මිලි ලීටර් තුන් ලක්ෂ හැට දාහක් (360000)බැරල් ,දගර ඇතුළු නිති විරෝධී මත්පැන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා උපකරණ තොගයක් හා ගංජා ග්‍රෑම් තුන්සියයක් තිබු බව කුලියාපිටිය සුරාබදු ස්ථානාධිපති සම්පත් සිරිමාන්නගෙ මහතා පවසයි.
තිසෝගම ප්‍රදේශයේ ගඩොල්පෝරනුවකදි ගංජා ජාවාරමේ නිරතවු සැකකරුවකුද,මත්පැන් ළග තබාගෙන සිටි අයකු හා දොල පාරක් උපයෝගී කරගනිමින් මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර දෙකක්ද කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

වයඹ පළාත් (1)සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම ,කුරුණෑගල සුරාබදු අධිකාරිය තිස්ස කුමාර රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත ,කුලියාපිටිය සුරාබදු ස්ථානාධිපති සම්පත් සිිරිමාන්නගෙ මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂක අමිල රන්දෙණිය ,සුරාබදු කෝප්‍රල් වරුන් වන 730 මහයාය ,942සම්පත් ,සුරාබදු නියාමක වරුන් වන 1049 ශක්ති ,1087 සුපුන් ,1145 විජේසිංහ යන නිලධාරිහු මෙම වැටලීම් සිදු කළහ.

-Nimal Rajapaksha –
0777 305 751
srirajnews@gmail.com