Spread the love

විදේශීය රටවලින් මෙරටටව්‍යාජ ලිපිනයන් වල ට එවා තිබු රුපියල් මිලියන විස්සක් වටිනා මත්පෙති තොගයක් අඩංගු පාර්සල් 9ක් මධ්‍ය තැපැල් හුවමාරුවේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පෙති තොගයේ මෙතන්පිටමයින් අඩංගු මත් පෙති 1985 තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහමතා පවසයි.
මෙම පාර්සල් ජර්මනිය හා නෙදර්ලන්තයේ සිට කොළඹ, මහියංගණය යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි . පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගන්නා ලදී
අදාල පාර්සල් විවෘත ක ල විට පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත් පෙති 1985 ක් සොයා ගත් අතර මත්පෙති වල සම්පූර්ණ බර 1116 විය.

විඩියෝව නරඹන්න SUBSCRIBS කරන්න

ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ද ඇතිව මත්පෙති තොගය සොයා ගැනීමට හැකිවී තිබේ .
පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් පියවර ගෙන ඇත. .