Spread the love

දිවයිනේ අද (16) පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුකර වැටලීම් 07 කින් හෙරොයින් ග්‍රෑම් 634 මිලිග්‍රෑම් 601 සමඟ පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වැලිකඩ ,ග්‍රෑන්ඩ්පාස් ,ගල්කිස්ස වැලිමඩ සහ යාපනය පොලිස් බල  ප්‍රදේශ වල වැටලීම් සිදුකර තිබේ.
සැකකරුවන් අද ඒ ඒ පොලිස් බල ප්‍රදේශ වලට අයත් මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැටලීම් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.