Spread the love



උතුරු මැද පලාතේ කළ සෝදිසි මෙහෙයුමකදි එක්දිනක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් 17 දෙනෙකු අනුරාධපුර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ගත් මත්ද්‍රව්‍ය තොගයේ ගංජා ග්‍රෑම් 35 ක්,කසිප්පු ස්ප්‍රීතු බෝතල් 18 ක් හා පෙරණ උපකරණ තොගයක් තිබු බව අනුරාධපුර සුරාබදු අධිකාරී වනිගතුංග මහතා පවසයි.
සුරාබදු නිලධාරීන් කැකිරාව, ගල්නෑව, මහබුලන්කුලම, කදුරුගස්වැව , විජිතපුර ,වලව්වේගම ,පලුගස්වැව යන ප්‍රදේශවල මෙම සෝදිසි මෙහෙයුම් දියත් කර තිබිණ. එහිදී අදාල ප්‍රදේශවල ඉතා සුක්ෂම අයුරින් ගංජ හා කසිප්පු ජාවාරම කරගෙන යන බවද සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

උතුරු මැද පලාත භාර සහාකර සුරාබදු කොමසාරිස් සුමේධ වසන්ත සිරි ,අනුරාධපුර සුරාබදු අධිකාරී වනිගතුංග යන මහත්වරුන්ගේ උපදෙස් මත ,අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක අසෝක තිලකරත්න මහතාගේ අධීක්ෂණ්ය යටතේ ,සුරාබදු පරීක්ෂක වයි.ටී.යු කුමාර , කෝප්‍රල් කුමාරසිරි,නියාමකවරුන්වන 1102 බටගල්ල ,1126 රාජපක්ෂ 1210 පාරමී ,රියදුරු ප්‍රභාෂන යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.