Spread the love


බ්‍රිතාන්‍ය යේ සිට තැපැල් මගින් ව්‍යාජ ලිපිනයන්ට සදහා එවා තිබු පාර්සල් පරික්ෂාවකදී රුපියල් මිලියන 12 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍ය තැපැල් හුවමාරුවේදි රේගු මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත .

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පාර්සල් දොලහ තුළ තිබී kush නැමැති ගංජා කිලෝ ග්‍රෑම්ස් 716 සොයා ගැනිමට සමත්වු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

අදාල මත්ද්‍රව්‍ය තොගය බ්‍රිතාන්‍යයේ සිට කොළඹ,ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්කවල පදිංචි ව පුද්ගලයන්ගේ ලිපියනයන්ට එවා තිබු අතර එම ලිපියනයන් සියල්ල ව්‍යාජ ලිපියනයන් බවට තහවුරු වී තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය දඇතිව රේගු මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කලහ. අත්අඩංගවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මත්ද්‍රව්‍යා කාර්යංශය වෙත භාරදීමට නියමිතය.