Spread the love

ආණ්ඩු පක්ෂයේ මංත්‍රී කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් (30) අද පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මංත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වීමට නියමිතයි.එම සාකච්ඡාවේදී බොහෝ දුරට 21 වෙනි ආණ්ඩුක්‍රම විවස්තා සංශෝධන කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කරනු ඇතිබව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.