Spread the love


අලුත්ගම දුම්රිය මැදිරි නඩත්තු කර්මාන්ත ශාලාවේ දුම්රිය මැදිරි නඩත්තු කටයුතු වලට අමතරව මැදිරි අලුත්වැඩියා කටයුතු සිදු කිරිම පිළිබදව දුම්රිය සේවකයින් ඇගයීමකට ලක්කල යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.


මන්ද අලුත්ගම කර්මාන්ත ශාලාව තිබෙන්නේ දුම්රිය මැදිරිවල සුළු නඩත්තු කටයුතු සදහායි. නමුත් ඉතා සුළු කාර්ය මණ්ඩලයක් සිටින මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින් මැදිරි නඩත්තු කටයුතු වලට අමතරව මාසයකට දුම්රිය මැදිරි දෙකක් අලුත්වැඩියා කිරීමට පටන් ගෙන ඇත.

මෙසේ අලුත්වැඩියා කරන දුම්රිය මැදිරි කිසිදු කරදරයකින් තොරව ධාවනයට එක්කිරිීමට ලැබීම ඉතා අගය කොට සැලකියයුතු කරුණකි.
ධම්මික ජයසුන්දර මහතා පසුගියදා අලුත්ගම කර්මාන්ත ශාලාවේ අලුත්වැඩියා කළ දුම්රිය මැදිරි දෙකක් පරික්ෂා කිරීමෙන් පසු ඔහු පැවසුවේ මෙම දුම්රිය සේවකයින් අලුත්වැඩියා කල දුම්රිය මැදිරි ධාවනයට එක් කල හැකි බවයි.

තවද මාසයකට දුම්රිය මැදිරි දෙකක් අලුත්වැඩියා කොට ධාවනය සදහා ලබාදීම පිළිබදවත් , මෙවැනි දක්ෂ සේවකයින් දුම්රිය දෙපාර්තුමේන්තුවේ සිටීම පිළිබදවත් තමන්ට මහත් ආඩම්බරයක් බවත් වැඩි දුරටත් පැවසුවේය.