මහජනතාව බියවද්දා විදුලි ගාස්තු ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මහජනයා බිය බැද්දවීමට කිසිසේත්ම එකඟවිය නොහැකි බවය.
“හැමෝම අඩුවෙන් විදුලිය පාවිච්චි කරනවා නම් ඇත්ත වශයෙන්ම ගාස්තුවත් අඩුවෙන් තමයි යන්නේ. මොකද මේක ලෝකය පිළිගත්ත මූලධර්මයක්. පාවිච්චි කරනවා වැඩි නම් ඔහු වැඩියෙන් ගෙවිය යුතුයි. ඒ අනුව මේ ඩීසල් බලාගාරවල වැඩි ගාස්තුව ගෙවනවා නම් ගෙවන්න ඕනේ ඒකක 180ට වැඩියෙන් භාවිත කරන අය සහ 300ට වැඩියෙන් භාවිත කරන අය මිසක් සාමාන්‍ය පාරිභෝගිකයෝ නෙමෙයි.”
“ඒ වගේම මේ මහජනයා බිය බැද්දවීමට කිසිසේත්ම එකඟ වෙන්න බැහැ. වැඩිකරන්න දුන්නේ නැත්නම් විදුලිය කපනවා කියන එක.. එහෙම තර්ජනයක් කිරීම සම්පූර්ණයෙන්ම මේ රටේ මහජනයා අත්අඩංගුවට ගැනීමක්.”
“ලංකා විදුලිබල මණ්ඩලය අයිති බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ටෙන්ඩර් කමිටු සභාපතිවරයා කෝප් කමිටුවට ඇවිත් පිළිගත්තා.. ගල්ඇඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදනයේ වැරිදි සහ අක්‍රමිකතාවයක් තිබුණු බව. ඒ විගණකාධිපතිවරයා විසින් පෙන්වාදීපු කරණු ඇත්ත බව.”
“ඒ නිසා ඒ වැරදි හදාගන්නේ නැතුව.. තමන්ගේ පැති හදාගන්නේ නැතුව මහජනයාට තර්ජනය කිරීම හෝ විදුලි ගාස්තු වැඩිකිරීමට කටයුතු කිරීම කිසිසේත්ම යුතු නැහැ.”