Spread the love

නිමල් රාජපක්ෂ

මහජන බැංකුවේ 50 වැනි මුදල් තැන්පත් කරණ යන්ත්‍රය ඊයේ(03) ගම්පහ ගෝතමී විද්‍යාලයේ ස්ථාපිත කෙරිණ. ගෝතමී විද්‍යායේ විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ,ශාඛා කළමනාකරණ වී.එස් .ප්‍රෙමනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් තැන්පත් කරණ (ATM)යන්ත්‍රයේ කටයුතු ආරම්භ කෙරිණ

.
දුවා දරුවන්ගේ අධ්‍යාපන ,ක්‍රිඩා කටයුතු ඹප්නැම්වීම හා සිය ඉතුරුම් ගිණුම් ආරම්භ කිරීම තුළින් ඉදිරියේදි තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉතුරුම් මුදල් ආයෝජනය කිරීමට මේ තුළින් හැකියාව ඇතිවනු නොඅනුමානයි

.


අධිතාක්ෂණික මුදල් තැන්පත් කරණ යන්ත්‍රයේ කටයුතු ආරම්භ කිරීමත් සමගින් පාසල් දරුවන් වැල නොකැඩි තම ඉතුරුම් කටයුතු සිදු කිරීමට පියවර ගත්තේය.

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න

රාජ්‍ය බැංකු අතුරින් මහජන බැංකුව කිසිදා කඩා නොවැටෙන අතර ජනතාව කෙරෙහිද දැඩි විශ්වාසයක් ගොඩ නැගෙන බැංකුව ලෙස මහජන බැංකුව හැදින්විය හැකිවෙයි.
දරුවන් ගේ අනාගතයේ පාර්ථනා සපළ කර ගැනීමට නම් ඉතුරුම් කිරිිම කුඩා අවධියේ සිට පුරුදු පුහුණු විය යුතුය .

එය සනිටුහන් කරමින් ගම්පහ මහජන බැංකුවේ කාර්ය මණ්ඩලය ගම්පහ ගෝතමී විද්‍යාලයට ඊයේ දිනයේ සිය මුදල් තැන්පත් කරන යත්ත්‍රයක් සවිකර දී තැන්පතු කිරිමටද පහසුකම් සැලසීමට ද පියවර ගත්තේය.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික්යේ බලධාරීන් ගම්පහ මහජන බැංකුවේ නිලධාරීන් මෙන්ම ගෝතමී විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුමණ්ඩලයද සහභාගිවුහ.