Spread the love

කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියයක් මේ මස 15 දින සිට ධාවනයට එක් කෙරේ.

එසේ ධාවනයට එක් කෙරෙන නව නගරාන්තර දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.20 මහනුවර දක්වා ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

එම නගරාන්තර දුම්රිය පෙරවරු 5.20 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා මහනුවර දුම්රිය ස්ථානයට පෙරවරු 08.15 ට ළඟා වීමට නියමිතය .

අලුතින් ධාවනයට එක්කරන නගරාන්තර දුම්රිය ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය සහ සරසවිඋයන යන දුම්රිය ස්ථානවල නතර කොට මහනුවර දුම්රිය ස්ථානයට ළගා වෙයි.

එදිනම පස්වරු 16.45 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.

මෙසේ ධාවනයට එක් කරන නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මේ මස 14 වැනි දින මහනුවර දුම්රිය ස්ථානයෙන් පස්වරු 16.45 ට කොළඹ කොටුව බලා ධාවනයට එක් කෙරෙනු ඇතැයිද ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය.